අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Winn Collier

වින් කොලියර්

.

වින් කොලියර් විසින් රචිත ලිපි

පුළුල්වූ මකා දැමිය හැකි අනුග්‍රහය

ඇලෙක්සා නම්වූ ඇමසන්හී කටහඬ පලනය කරන උපකරණයට පුදුමාකාර හැකියාවක් තිබේ. ඔබ කියන සෑම දෙයක්ම මකා දැමීමට එයට හැකිය. ඇලෙක්සාට කියන ඕනෑම දෙයක් එනම් යම් විස්තරයක් නැවත උලුප්පා ගැනීම යනාදිය එක් සරල වාක්‍යයකින් මකා දමයි. (මා අද කී සෑම දෙයක්ම මකා දමන්න) එය ඒ සියල්ල පවිත්‍ර කරයි. ඒ එය කිසිදා නොවූවාක් මෙන්ය. අපගේ ජීවිතයේ අනෙක් කොටස්වලට එම හැකියාව නැතිවීම කණගාටුවකි. සෑම…

ඇත්තෙන්ම යටහත්ය, ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨය

සිතිය නොහැකි ලෙස එංගලන්තය යටත් වීම නිසා ඇමෙරිකානු විප්ලවය අවසන් විය. බොහෝ දේශපාලකයින් සහ හමුදා නිලධාරීන් ජෙනරාල් ජෝර්ජ් වොෂිංටන්ව අලුත් රජෙකු කිරීමට දැඩි ලෙස උත්සාහ කළෝය. තමන් සතුව පරම බලය තිබෙන විට ඔහු නිදහස සහ ස්වෛරීය යන කාරණා අල්ලා ගෙන සිටීවිදැයි කල්පනා කරමින් ලෝකයේ සෙනග ඔහු දෙස ඇස් යොමා සිටියෝය. එංගලන්තයේ රජවූ තුන්වන ජොර්ජ් රජුට වෙනත් යථාර්ථයක් තිබුණි. වොෂිංටන් බල…

කිරීමට අපහසු සමාව දීම

නාසිවරුන් විසින් 50,000කට ආසන්න කාන්තාවන් ඝාතණය කළ රැවන්ස්බ්‍රක් ගාල් කඳවුරේ නටබුන් අතර ගුලිකර දැමු කඩදාසියක මෙම යාච්ඤාව විමුක්තිකාමීන්ට හමු විය: “ස්වාමිනී, හොඳ හිතැතිව ක්‍රියා කළ පුරුෂයින් සහ කාන්තාවන් පමණක් නොව නපුරු සිතැතිව ක්‍රියා කළ අයවද සිහි තබා ගත මැනව. නමුත් ඔවුන් අප මතට පැටවු දුක්විඳීම සිහි තබා නොගන්න. ඒ දුක් විඳීමට ස්තුතිවන්ත වෙන්න අප ලබාගත් ඵල මතක තබාගන්න - අපගේ…

ජල මැදින්

“ද ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්” යන චිත්‍රපටියෙන් අපට කියන්නේ ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කාලයේ නිව්ටන් නයිට්වරයා හමුදාව අතහැර ගිය කණ්ඩායමක් සහ වහල්ලුන් සමහරක් සමග යුනියන් හමුදාවට ආධාර කර යුද්ධයෙන් පසුව වහල් හිමියන්ට විරුද්ධ වුන බවයි. බොහෝ අය නයිට්වරයා වීරයෙක් ලෙස සැළකූ නමුත් ඔහු හමුදාව අතහැර ගිය පසු වහලුන් දෙදෙනෙක් විසින් පළමුව ඔහුගේ ජීවිතය බේරාගන්නා ලදී. හුදෙකලා වගුරුබිමකට ඔහුව ඔසවාගෙන් ගොස් හමුදාවෙන්…

අපගේ ගැඹුරු ආශා

තරුණයෙක් ලෙස ඩන්කන් භිය වූයේ ප්‍රමාණවත් මුදල් නැති කම නිසාය. ඒ හෙයින් ඔහුගේ වයස විසි ගණන් වූ විට ඔහු විශාල අපේක්‍ෂාවකින් තම අනාගතය ගොඩ නැගීම ආරම්භ කළේය. සිලිකොන් මිටියාවතේ සමාගමක ඔහු ටිකෙන් ටික ඉහළට පැමිණ විශාල ධනයක් අත් කර ගත්තේය. ඔහුට විශාල බැංකු ගිණුමක්, අධි සුඛෝපභෝගී වාහනයක්, කැලිෆෝර්නියාවේ ඩොලර් මිලියන ගණනක නිවසක් ඔහුට තිබුණි. ඔහු ආශා කළ සියල්ල ඔහුට තිබුණි.…

ගැළවීම දැකීම

වසර 53 දී සෝනියා බලාපොරොත්තු නොවූ දෙය නම් ඇයගේ ව්‍යාපාරය සහ රට අත්හැර සරණාගතයන් සමග අලුත් දේශයකට යාමය. මැර කල්ලි ඇගේ ඥාති පුත්‍රයා මරා දමා වයස දහහතක ඇගේ පුත්‍රයා කල්ලියට බඳවා ගැනීමට උත්සාහ කළ විට පැන යාම එකම විකල්පය බව සෝනියා කල්පනා කළාය. “මම දෙවියන්වහන්සේට යාච්ඤා කළෙමි ..... මම අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නෙමි” සෝනියා විස්තර කළාය. “මාත් මගේ පුත්‍රයාත් සාගින්නේ…

අපගේ කූඩුවෙන් නිදහස්වී

ඇවිදීමට යන අතර තුර කර්තෘ මාර්ටින් ලෙයාර්ඩ්ට බොහෝ විට කුඩා බල්ලන් සතර දෙනෙකු සමග යන මිනිසෙකු මුණ ගැසේ. බල්ලන් තුන් දෙනෙකු තණකොළ පිට්ටනිය පුරා වියරුවෙන් මෙන් දිව යති. නමුත් එක් බල්ලෙක් අයිතිකරු අසලම රැඳී රවුමට රවුමට කැරකෙමින් සිටියේය. අවසානයේදී ලෙයාර්ඩ් නැවතී මෙම බල්ලාගේ අමුතු හැසිරිම ගැන අයිතිකරුගෙන් විමසීය. මෙම බල්ලා උගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් කූඩුවක සිරවී සිට ඇති අතර…

දෙවියන්වහන්සේ වෙත දරුවන් යොමු කිරීම

ප්‍රසිද්ධ අදේව දෘශ්ටිකයෙකු විශ්වාස කරන්නේ දෙමව්පියන් තම දරුවන්ට ධර්මය ඉගැන්වීම සදාචාරික නොවේය කියාය. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ තම දරුවන්ට තමන්ගේ ධර්මය උගන්වන්නෝ දරුවන් අපයෝජනය කරන බවය. මෙම මත ආන්තික වුවද තම දරුවන් ඇදහිල්ලට යොමු කිරීමට පැකිලෙන දෙමව්පියන් ගැන මම දනිමි. අපගේ දරුවන්ට කැමැත්තෙන්ම අපි අපගේ දේශපාලනය, පෝෂණය පිළිබඳ හෝ ක්‍රීඩා පිළිබඳ මතයන් උගන්වමු. නමුත් යම් හේතුවක් නිසා අපි දෙවියන්වහන්සේ පිළිබඳ…

දෙවියන්වහන්සේ බලා සිටි සේක

ඩෙනිස් ලෙවටොව් වයස දොළහෙදී එනම් ඇය කිවිඳියක් මෙන් ප්‍රසිද්ධ වීමට බොහෝ කලකට පෙර ශ්‍රේෂ්ඨ කවි ටී.එස්. එලියට්ට කවි කිහිපයක් තැපැල් කිරීමට ඇයට පෙළඹවීමක් ඇති විය. මවිතයට කාරණයක් වූයේ එලියට් විසින් අතින්ම ලියූ පිටු දෙකක දිරිමත් ලිපියක් ඇයට එවීමයි. ඇයගේ කවි පෙළක් වන නිල් මැණික සහ ගංගාව යන කවි පෙළෙහි පෙර වදනේ ඇය අඥෙයවාදයේ (දෙවි කෙනෙකු ඉන්නවාද නැද්ද නොදන්නා ධර්මය) සිට…

පියාගේ ආශිර්වාදය

මෑතකදී අපගේ සභාවේ කිහිප දෙනෙක් - විශේෂයෙන් ඔවුන්ගේ පියවරුන් සමග හරි සම්බන්ධතාවයක් නොතිබූ අය තමන්ට ප්‍රේමණිය පියෙකු වී ආශිර්වාද කරන්න කියා මට කීවෝය. ආශිර්වාදයට පෙර පියෙක් විසින් දරුවන්ට ඉෂ්ට කළ නොහැකි ඉහළ වැඩි ඉලක්ක තැබීමෙන් හෝ ඔවුන්ට කාලය, ස්ථිරකම හෝ බහුල ප්‍රේමය යනාදිය නොදීමෙන් වූ සිත් රිදීම් ගැන සමාව ඇයැද සිටීමට සිදු විය. ආශිර්වාදය දෙන විට මම හැඬුවෙමි. මට අදත්…